පොලිස් වාහනයකටත් ගිනි තබයි: හසීනාගේ ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි ගැටුම්!
බංග්ලාදේශයේ බලයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් සංවිධානය කළ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
හසීනා යළි බංග්ලාදේශයට පැමිණිය යුතු බවට ඉල්ලමින් පැවති විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බව BBC වාර්තා කරනවා.
එහිදී ගෝපල්ගන්ජ් දිස්ත්‍රික්කයේදී හසීනාගේ අවාමි ලීග් පක්ෂයට අනුබද්ධ තහනම් කළ ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයින් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන ඇති අතර, විරෝධතාකරුවන් විසින් පොලිස් වාහනයකට ද ගිනි තබා තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ පිටුවහල්ව සිට බංග්ලාදේශයට යළි පැමිණීම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලා ඇති බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව මෙම විරෝධතා ආරම්භ වී ඇති බව සඳහන්.
බංග්ලාදේශ ශිෂ්‍ය ලීගය (BCL) ලෙස හැඳින්වෙන එම ශිෂ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රට පුරා විරෝධතා පැවැත්වෙන අතර, 2024 අගෝස්තු මාසයේදී දැවැන්ත ජනතා නැගිටීමකින් ෂෙයික් හසීනා බලයෙන් පහකිරීමෙන් පසු ඇයගේ ආධාරකරුවන් සංවිධානාත්මකව බලය පෙන්වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.
