ඇමරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට

0
ඇමරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට

ඇමරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට

චීනය පිළිබඳ ධනාත්මක දැක්මක් සහිත ගෝලීය පුද්ගලයින්ගේ අනුපාතය පසුගිය වසර 20 තුළ ප්‍රථම වතාවට ඇමරිකාව ඉක්මවා ගොස් තිබෙන බව Pew Research මධ්‍යස්ථානය පසුගියදා නිකුත් කළ අදාළ සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙයි.

බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව, මෙම සමීක්ෂණයෙන් පෙනී යන්නේ ඇමරිකානු ප්‍රතිරූපය ක්‍රමයෙන් පිරිහීමත් සමග, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ජර්මනිය යනාදී ඇමරිකානු සන්ධාන රටවල් ඇතුළු මෙම වසරේ සමීක්ෂණයට ලක් වූ රටවල් 36න් බහුතර රටවල් අතර චීනය ඇමරිකාවට වඩා ඉහළ ජනප්‍රසාදයක් හිමි කර ගෙන ඇති බවයි.

මෙහිදී ආසියා-පැසිෆික් සහ මැදපෙරදිග රටවල චීනයට ලබා දෙන ඉහළ ප්‍රමුඛත්වය විශේෂයෙන් කැපී පෙනෙනවා. චීනයට වඩා ඇමරිකාවට ඉහළ ශ්‍රේණිගත කිරීමක් හිමිව ඇත්තේ ඉන්දියාව, ජපානය, පිලිපීනය, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ පෝලන්තය යන රටවල් හයකින් පමණි.

චීනය කෙරෙහි අවධානය යොමු කර ඇති තවත් Pew Research මධ්‍යස්ථානයේ සමීක්ෂණයකින් පෙනී යන්නේ, සමහර යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක් චීනය වෙත දක්වන ධනාත්මක ආකල්පය ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මධ්‍යම ආදායම්ලාභී රටවල් 17ක ප්‍රතිචාර දැක්වූවන් චීනයට සාපේක්ෂව ඇමරිකාව පිළිබඳව වැඩි කනස්සල්ලක්ද පළ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com