ලෝක බොරතෙල් මිල මාසයකදී ඉහළම මට්ටමට

0
ලෝක බොරතෙල් මිල මාසයකදී ඉහළම මට්ටමට

ලෝක බොරතෙල් මිල මාසයකදී ඉහළම මට්ටමට

ලෝක බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් මාසයකට ආසන්න කාලයකින් වාර්තා වූ ඉහළම අගයට ළඟා වී තිබේ.

අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතා සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව Brent බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.19 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.40 දක්වාත් ඉහළ ගොස් තිබේ. එය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකෙයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට පවතින අවදානම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.

ලෝක තෙල් හා ගෑස් සැපයුමෙන් සියයට 20ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින්, එහි ඇතිවන ඕනෑම අර්බුදයක් ලෝක බොරතෙල් මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com