කුඩා පරිමාණ ව්‍යවසායිකයින්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ප්‍රවේශවීමට අපනයන අත්පොතක්
කුඩා පරිමාණ ව්‍යවසායිකයින්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ප්‍රවේශවීමට අපනයන අත්පොතක්
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා පරිමාණ ව්‍යවසායිකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපොළට ප්‍රවේශ වීමට අත්වැලක් වෙමින් අපනයන අත්පොත් සිංහල සහ දෙමළ භාෂාවලින්ද නිකුත් කෙරුණි.
අපනයන අත්පොත් සිංහල සහ දෙමළ භාෂාවලින් නිකුත් කිරීම සිදුකෙරුණේ ෂී ට්‍රේඩ්ස් ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මගිනුයි.
එම මධ්‍යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය / ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානය සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමාසාරිස් කාර්යාලය එක්ව මෙම අත්පොත් දෙක එළිදක්වා තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ / ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ ප්‍රැටික් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.




