මැදපෙර­දිග ශ්‍රී ලාංකි­ක­යන් ගැන දැන­ ගැනිමට හදිසි ඇම­තුම් සේවා­වක්

0
මැදපෙර­දිග ශ්‍රී ලාංකි­ක­යන් ගැන දැන­ගන්න හදිසි ඇම­තුම් සේවා­වක්

මැදපෙර­දිග ශ්‍රී ලාංකි­ක­යන් ගැන දැන­ගන්න හදිසි ඇම­තුම් සේවා­වක්

මැදපෙර­දිග වෙසෙන ශ්‍රී ලංකි­ක­යන්ට සහ මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන්ට අවශ්‍ය ඕනෑම තොර­තු­රක් ලබා ගැනී­මට පැය 24 පුරා ක්‍රියා­ත්මක හදිසි ඇම­තුම් සේවා­වක් ක්‍රියා­ත්මක කිරී­මට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇත.

මැද­පෙ­ර­දිග කලා­පයේ ඇතිවී තිබෙන යුද­මය තත්ත්වය මෙන්ම පව­තින ආර­ක්ෂක තත්ත්වය සමී­පව නිරී­ක්ෂ­ණය කර­මින් එම කලා­පයේ ජීව­ත්වන සහ සේවය කරන මිලි­ය­න­යක පමණ ශ්‍රී ලාංකි­ක­යන්ගේ ආර­ක්ෂාව සහ යහ­පැ­වැත්ම උදෙසා මේ සේවාව ක්‍රියා­ත්මක කරන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

පව­තින කලා­පීය අස්ථා­ව­ර­ත්වය සැල­කි­ල්ලට ගනි­මින් මැද­පෙ­ර­දිග සිටින ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන්ට ඉතා­මත් සුප­රී­ක්ෂා­කා­රීව කට­යුතු කරන ලෙස තරයේ උප­දෙස් දී තිබෙන අතර, විශ්වා­ස­දා­යක දේශීය මාධ්‍ය සහ සත්කා­රක රටේ නිල නිවේ­දන අනුව කට­යුතු කිරීම, අත්‍ය­වශ්‍ය නොවන සංචාර සහ විශාල මහ­ජන රැස්වී­ම්ව­ලට සහ­භාගී වීමෙන් වැළ­කීම, ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය­තා­න්ත්‍රික දූත මණ්ඩ­ලය සමඟ නිර­න්ත­ර­යෙන් සම්බ­න්ධතා පැවැ­ත්වීම, ජංගම දුර­ක­තන ආරෝ­ප­ණය (Charge) කර තබා­ගැ­නීම, සෑම­වි­ටම වලංගු හැඳු­නු­ම්පත් හා ලේඛන රැගෙන යෑම ආදිය සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කරන ලෙස විදේශ අමා­ත්‍යාං­ශය ඉල්ලී­මක් කරයි.

අවශ්‍ය අව­ස්ථා­ව­ලදී සහාය දීමට කලා­පයේ සිය­ලුම ශ්‍රී ලංකා රාජ්‍ය­තා­න්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියා­ත්මක හදිසි දුර­ක­තන අංක සක්‍රිය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ පවුල් විසින් සිදු කරන විම­සීම් සඳහා පැය 24 පුරාම හදිසි ඇම­තුම් අංක ද ක්‍රියා­ත්ම­කව පව­තියි. විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ කොන්සි­යු­ලර් කට­යුතු අංශය: +94742595546, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය (SLBFE): +94719802822 සහ ක්ෂණික දුර­ක­තන අංකය 1989 ඒ අතර වෙයි.

විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය මේ තත්ත්වය නිරී­ක්ෂ­ණය කිරීම සහ අවශ්‍ය පරිදි වැඩි­දුර යාව­ත්කා­ලීන කිරීම් නිකුත් කිරීම අඛ­ණ්ඩව සිදු කර­ගෙන යන බව ද කියා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com