මත්ද්‍රව්‍යවලින් ඉපැයූ බවට සැක දේපළ තොගයක් ක්‍රියා විරහිත කරයි
මත්ද්‍රව්‍යවලින් ඉපැයූ බවට සැක දේපළ තොගයක් ක්‍රියා විරහිත කරයි
ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම තුලින් උපයා ගන්නා ලද මුදල් වලින් වත්කම් රැස් කරගෙන ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදු කර තිබේ.
විමර්ශනයේදී මෙම සැකකරු විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ට්‍රැක්ටර් රථයක් මිලදී ගැනීම සහ රුපියල් මිලියන 10 මුදලක් (10,000,000/=) පුද්ගලික මූල්‍ය ආයතනයක ආයෝජනය කිරීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඒ අනුව එම දේපල ඊටේ ඊයේ (24) දින සිට මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




