කල් ඉකුත් වූ පොහොර තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට
කල් ඉකුත් වූ පොහොර තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට
කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ ලොරි රථ තුළ ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම පොහොර තොගය සොයා ගෙන ඇත්තේ.
එහිදී කල් ඉකුත් වී තිබූ ඝන පොහොර කිලෝග්‍රෑම් 376ක් සහ දියර පොහොර ලීටර් 1,170ක් සොයාගෙන ඇති අතර, අදාළ පොහොර තොගය මේ වන විට මුද්‍රා තබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එම විමර්ශන අවසන් වීමෙන් පසු වංචනික ආකාරයෙන් කටයුතු කළ අදාළ ආයතනයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සඳහන්.




