මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

0
ආනයන ගෙවීම් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ආනයන ගෙවීම් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එය පෙබරවාරි මස 28වෙනිදා සිට ක්‍රියාත්මක වෙයි.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා සහ සැපයීම් පවත්වාගෙන යාම සදහා රට තුළ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ විදුලි බලය, ඛනිජ තෙල්, සෞඛ්‍ය, ප්‍රවාහනය, ජල සැපයුම ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ගිලන් රථ සේවා, බැංකු සහ රක්ෂණ සේවා කටයුතු ඇතුළු සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයද තවදුරටත් දීර්ඝ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com