මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනිමට ණය යෝජනා ක්‍රමයක්
මහ කන්නයේ වී අස්වනු මිලදී ගන්න ණය යෝජනා ක්‍රමයක්
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් අද දින(01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වලට ලබා දෙන බවයි.
අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයන් හා වී අලෙවි මණ්ඩලය නිකුත් කරන ලද බල පත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ,ඔවුන්ට සියයට 7ක වාර්ෂික පොළී අනුපාතයකට රු.මී.50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර,අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා 2025/26 මහ කන්නය සඳහා නිදහස් කිරීමට අපේක්ෂා කරන මුළු ණය ප්‍රමාණය රු.මි. 10,000ක් පමණ වන අතර, ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.




