ලංවිම ඈවර කිරීම ගැන දැනුම්දීමක්

0
ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එය ඉදිරියේදී සමාගම් 06ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සතු සියලු වත්කම් ක්‍රමානුකූලව අදාළ සමාගම් වෙත පැවරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

එම සමාගම්වලට කාර්යමණ්ඩලය යොමු කිරීමද මේ වනවිට සිදුකර ඇති අතර ඊට අකමැති පුද්ගලයින්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව සේවකයින් 2,173 දෙනෙක් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතිය තුළ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර ඉන් පසු එහි කටයුතු නව සමාගම් 06ක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com