විද්‍යුත් වාහන ආනයන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් බැහැරවීමෙන් රු.මි 1,384ක පාඩුවක්

විද්‍යුත් වාහන ආනයන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් බැහැරවීමෙන් රු.මි 1,384ක පාඩුවක්
විදෙස් ප්‍රේෂණ මත පදනම්ව සිදුකළ විද්‍යුත් වාහන ආනයන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් බැහැරව විනිවිදභාවයකින් තොරව සිදුව ඇති බව හෙළිව තිබේ.
ඒ විදෙස් ප්‍රේෂණ මත පදනම්ව විද්‍යුත් වාහනය ආනයනය කිරීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවකිනි.
විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණවලින් 50%ක උපරිම වටිනාකමකට යටත්ව විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට, අදාළ යෝජනා ක්‍රමය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබුණි.
විගණකාධිපති WPC.වික්‍රමරත්න මහතා පැවසුවේ 2022 වසරේ සැප්තැම්බර් සිට 2024 ජුනි දක්වා කාලය තුළ ඒ සඳහා නිකුත් වූ වලංගු බලපත්‍ර සංඛ්‍යාව 1000ක් බවයි.
කෙසේ වෙතත් විදේශගතව සිටි බවට තහවුරු නොවූ පුද්ගලයින් 04 දෙනෙකු සඳහාද සිය බැංකු ගිණුම් වෙත අමෙරිකානු ඩොලර් 445,942ක මුදලක් යොමු කර ඇති බවට විගණනය මගින් තොරතුරු අනාවරණය වී තිබේ.
වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබූ අවස්ථාවක විද්‍යුත් වාහනයක් ආනයනයට අවස්ථාව ලබාදීමත් ඊට සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ නැංවීමත් මේ සමග සිදු වූ බව සඳහන් වේ.
ඒ හේතුවෙන් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් මිලියන 1,384කි.
මීට අමතරව සහනදායී තීරු බදු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරී ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ ආනයන අපනයන පාලක වෙත අදාළ වාහන ආනයනය පිළිබඳ කටයුතු පැවරීමක් සිදුව නොතිබූ බවද අදාළ විගණන වාර්තාවේ දැක්වේ.
අදාළ කටයුතු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් පමණක් සිදු කර ඇති අතර ඒ අනුව අධිකාරී බලය අවිභාවිතා කිරීමද එමගින් සිදුව ඇතැයි අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ