හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ගණන අඩු කරයි
ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 60 දක්වා අඩුකර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම, මහත්මින්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් අඩු කර ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 150කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැඳවා ඇතැයිද වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින් සංඛ්‍යාව අඩුකිරීමට අදාළ නියෝග අද (12) දිනයේ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.




