ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙලා

ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙලා
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය 10.8% දක්වා අඩු වී ඇති බව සඳහන්.
එමෙන්ම ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.5% ලෙස සටහන් වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 18.3%ක් වනවා.