ජනපති රනිල් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි; ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට අවධානය

ජනපති රනිල් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි; ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට අවධානය

ජනපති රනිල් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි; ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට අවධානය

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමු වී තිබෙනවා.

නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී එම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම මෙන්ම කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති සාකච්ඡාවේ සඳහන් කරුණු ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් අතර එය පහතින් කියවිය හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *