ප්‍රංශයට නරේන්ද්‍ර මෝඩි පැමිණීමට විරෝධය පලවේ !

ප්‍රංශ විප්ලවය සිදුවූ සුප්‍රකට බැස්ටීලය බිඳ දැමු දිනය වන ජුලි 14 වන දාට වසර 234ක් පිරීම නිමිත්තෙන් ප්‍රංශ රජය පවත්වන රාජ්‍ය උත්සවය සඳහා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රධාන අමුත්තා ලෙස සහබාගි වීමට ආරාධනා ලබා ඇත. ඔහු සමග ඉන්දියානු හමුදාවේ සොල්දාදුවන් 269 දෙනෙකු නිදහස් පෙළපාලියේ ප්‍රංශ හමුදාව සමග ඒ අනුව ගමන් කරනු ඇත. මෙම උත්සවයට සමගාමිව නරේන්ද්‍ර මුඩි යුධ ගුවන් යානා 26ක්, සබ් මැරීන තුනක් මිලදී ගැනීමේ වෙළඳ ගිවිසුමටද අත්සන් තැබීමට නියමිතය. කෙසේ වෙතත් මෝඩිගේ රජය විසින් සිදුකරන මානව අයිතිවාසිකම් හා සුළු ජාතීන්ගේ අයිතීන් උල්ලංඝණයන් හෙලා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුව පණිවිඩයක් නිකුත් කර තිබිණි.

පසුගිය සති කීපය පුරා හඹා ගිය දැවැන්ත උද්ඝෝෂණ හේතුවෙන් විප්ලවීය සැමරුම් උත්සවයේ හා රටේ ආරක්ෂාව සඳහා පොලීස් භටයින් ලක්ෂයක් මක්රෝන් රජය විසින් කැඳවා ඇත. ඒ අතර විප්ලව සැමරුම සඳහා නරේන්ද්‍ර මුඩීගේ පැමිණීම මානව අයිතිවාසිකම් සංවිධානවල හා වාමාංශික පක්ෂවල දැඩි විවේචනයට ලක් වී ඇත. 2014 සිට බලයට පත්වූ නරේන්ද්‍ර මෝඩි පාලනය විසින් සුළු ජාතික මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මානව අයිතිවාසිකම් උල්ලංඝණයන්ට හා විරුද්ධවාදීන් මර්දනය කිරීම්, මාධ්‍ය මර්ධනය වැනි කාරනා හේතුවෙන් යුරෝපයේ මාධ්‍ය ඔහුව දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *