සංක්‍රමණික ජාවාරමට එරෙහිව යුරෝපා සංගමය ටියුනීසියාව සමග හවුල් ගිවිසුමකට

සංක්‍රමණික ජාවාරමට එරෙහිව යුරෝපා සංගමය ටියුනීසියාව සමග හවුල් ගිවිසුමකට

සංක්‍රමණික ජාවාරමට එරෙහිව යුරෝපා සංගමය ටියුනීසියාව සමග හවුල් ගිවිසුමකට

යුරෝපා සංගමය ටියුනීසියාවේ ජනාධිපති Kaïs Saïed සමග හවුල් ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සංක්‍රමණික ජාවාරමට එරෙහිව සටන් කිරීම අරමුණු කර ගෙන මෙම හවුල් ගිවිසුම ඇති කරගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට උත්සාහ කරන සංක්‍රමණිකයන්ගේ ප්‍රධාන පිටවීමේ ස්ථානය බවට ටියුනීසියාව පත්ව තිබෙනවා.

ටියුනීසියාවේ ගිවිසුම පිළිබඳව නිවේදනය කරමින්, යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen දේශසීමා කළමනාකරණය සහ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ සහයෝගීතාව වැඩි කිරීමට පොරොන්දු වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉතාලියේ අන්ත දක්ෂිණාංශික අගමැති ජෝර්ජියා මෙලෝනි පැවසුවේ මෙය සංක්‍රමණ අර්බුදය විසඳීම සඳහා වූ සැබෑ හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා වැදගත් පියවරක් බවයි.

ටියුනීසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සම්බන්ධයෙන් මෙම ගනුදෙනුව කොන්දේසි සහිත විය යුතු බවට යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *