එක්සත් ඡනපදයේ කිරි බී, මස් කා වැඩෙන මැදපෙරදිග වෘකයා

එක්සත් ඡනපදයේ කිරි බී, මස් කා වැඩෙන මැදපෙරදිග වෘකයා

එක්සත් ඡනපදයේ කිරි බී, මස් කා වැඩෙන මැදපෙරදිග වෘකයා

ඊශ්‍රාලය තම මවිබිම ගොඩනගනු වස් පලස්තීනයට අයත් භුමියෙන් අවම වශයෙන් මිනිසුන් 13,000ක් මරා දමා ගම් සහ නගර 500කට වඩා විනාශ කිරීමෙන් පසු 1948දී පලස්තීන ජනගහනයෙන් සියයට 80කට වඩා තම මව්බිමෙන් නෙරපා හරින ලදී.

වසර දහනවයකට පසුව, ඊශ්‍රායලය 1948 දී අල්ලා නොගත් පලස්තීනුවන්ගෙන් ඉතිරි සියයට 22 අල්ලා ගත් අතර, එය නූතන ඉතිහාසයේ දීර්ඝතම වාඩිලෑම ලෙස හදුන්වමින් තවමත් ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතී. එබැවින් පලස්තීනුවන්ගේ පරමිපරාවෙන් පරමිපරාව උපදින්නේ සිය පීඩකයා කෙරහි වු බද්ධ වෛරයකිනි එහෙත් ඔවුහු සටන් වැදිය යුත්තේ අති ප්‍රබල හමුදාවක් සමගය එමෙන්ම එය බොහෝවිට කිසිදා ඡයග්‍රහණය කල නොහැකි සටනකි එහෙත් පලස්තීන රණකාමිත්වය එය ලෙහෙසියෙන් අත් නොහරිනු ඇත. අති නවීන ඊශ්‍රයල් යුධ ටැංකි දෙසට අවම වශයෙන් ඔවුහු ගලක් හෝ විසිකරති.

බෙහෝ අරාබි රටවල් ඊශ්‍රාලය තම සතුරෙක් ලෙස සලකා පලස්තීනයට සහයෝගය දක්වත්; එහෙත් ඊශ්‍රාලය මෙි සියලු රටවල පලස්තීනයට හිතවත් යුධ යාන්ත්‍රණය සිය මිසයිල මගින් සුන්බුන් ගොඩක් ලෙස පරිවර්තනය කරයි. ඊශ්‍රාලය පලස්තීනයට ප්‍රහාර එල්ල කරනා අතර තුරම අනෙකුත් සියලු සතුරන්ටද පහර දිය හැකි ඒ මහා යුධ ශක්තිය උපයා ගත්තේ තමා විසින්මද ? කොහෙත්ම නැත එහි මුල්‍ය දායකත්වය හා නවීන යුධ තාක්ෂන දායකත්වය මුලික ලෙස එක්සත් ඡනපදය සතුය.

එක්සත් ජනපදය ඊශ්‍රයලයට පොමිප කරන මුදල වසරකට බිලියන 3.8කි. මෙි මුදල එක්සත් ඡනපද කෝංග්‍රස් සභාව අනුමක කල මුදලකි. එහි කිසිදු රහස්‍ය භාවයක් නැත. එය අපේ රටෙි ආර්ථිකය ගොඩදා ගැනීමට වසර ගණනක් තිස්සේ උත්සාහ කර ඡාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගත් ණයට සමානය. එහෙත් එක්සත් ඡනපදය මෙි දෙන්නේ ණයක් නොවෙි එය ඊශ්‍රාලයෙන් කිසිදා නැවත ලබා නොගන්නා මුල්‍ය පුතිපාදනයකි. මෙි කුමක් සදහාද? ඊශ්‍රායල් ජාතිකයන්ට අහාර සදහාද? අධ්‍යාපනය හෝ නිවාස සදහාද? එසේ නොවන බව සිතමි. එක්සත් ජනපදයට ඉහලින් යාමට උත්සාහ කරන මැදපෙරදිග කලාපයේ ඔනෑම රටකට පහර දිමට අවශ්‍ය ඊශ්‍රායාලයට වැය වන සමිපත් සදහාය මෙි ගෙවීම. ඒ අනුව එක්සත් ජනපදයේ වුවමනාවට ඊශ්‍රාලය යේමනයට, ලෙබනනයට, ඉරාකයට බෝමිබ දමයි. ඉරානයට හා සිරියාවට පහර දෙයි. එහෙත් ඹවුහු පලස්තීනයට පහර දෙන්නේ භූමිය ඈදා ගැනීමටය. ස්වකීය අරමුණ වෙනුවෙනි. එහිදී එක්සත් ජනපදය තම මිතුරාව ආරක්ෂා කරයි. මෙි නොපනත්කමට එරෙහිව එක්සත් ජනපද කෝංග්‍රසයේම හඩවල් මතුවෙමින් තිබෙි. Betty McCollum නැමැති කෝංග්‍රස් සභිකාව එහි පෙරමුනේය.

බෙටි මැකෝලම් සෑම වසරකම වොෂින්ටනය ඊශ්‍රායලයට යවන ඩොලර් බිලියන ගණන පිළිබඳව එක්සත් ජනපදයේ විවාදයක් ඇති කිරීමට උත්සාහ කර තිබේ. පලස්තීනුවන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ඊශ්‍රායලය එක්සත් ජනපද මිලිටරි ආධාර භාවිතා නොකරන බවට සහතික විම ඇයට අවශ්‍ය අතරම මෙම මුදල් යන්නේ කොතැනද යන්න ගැන වැඩි විස්තර දැන ගැනීමටද ඇයට අවශ්‍යය.

ඇය පලස්තීන දරුවන්ට එරෙහි අපයෝජනයන්, පලස්තීන දේපළ විනාශ කිරීම, වාඩිලාගෙන සිටින බටහිර ඉවුරෙන් පලස්තීනුවන් ඉවත් කිරීම හෝ පලස්තීන ඉඩම් තවදුරටත් අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය දරන උත්සාහයන් සඳහා එක්සත් ජනපද ආධාර භාවිතා නොකරන බවට සහතිකයක් ලබා ගැනීම අරමුණු කරගත් සිය නවතම පනත පසුගිය 2021 වසරේ ඉදිරිපත් කලාය, එහෙත් එය සම්මත කිරීමට ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණය ගැනීමට ඇය අපොහොසත් විය. මින් අදහස් වන්නේ එක්සත් ඡනපද සියලු දේශපාලන පක්ෂ ඊශ්‍රාලයට සිය කැමැත්තක් කරන්න යන මතය දරන බවයි. එමෙන්ම එක්සත් ඡාතින්ගේ සංවිධානය තුල ලෝකයේ රටවල් වලින් 90%ක් ඊශ්‍රාලයට එරෙහිව යෝඡනාවන් ගෙන ආවද ඒවා සමිමත වුවද එක්සත් ඡනපද නිශේධ බලය ඉදිරියේ ඒවා ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ය.

යුනිසෙෆ් සංවිධානයේ ඡාත්‍යණ්තර නියෝඡිතවරියක වන නොබෙල් ත්‍යාගලාභී යුසුෆ් මලාලා පලස්තින ඡනතාව වෙනුවෙන් 2021 දී සිය ටිවිටර් ගිනුමෙි වීඩියෝවක් මුදාහැරියාය, එහි ඇය මෙසේ කියාසිටී.

“පලස්තීන දරුවෙක් වාඩි විය යුත්තේ පන්ති කාමරයක මිස සුන්බුන් අතර නොවෙි. පලස්තීනුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ලෝක නායකයින් වහාම ක්‍රියා කළ යුතුය. ජෙරුසලමේ ප්‍රචණ්ඩත්වය – විශේෂයෙන් ළමයින්ට එරෙහි වීම අපට දරාගත නොහැකිය. මෙම දීර්ඝ කාලීන ගැටුම බොහෝ දරුවන්ගේ ජීවිත හා ඔවුන්ගේ අනාගතය අහිමි කර තිබේ. නායකයින් වහාම ක්‍රියා කළ යුතුය – ළමයින් සහ සිවිල් වැසියන් ආරක්ෂිත නොවන විට ලෝකයට සාමයක් නොමැත”.

එහෙත් ඒවා බීරි අලින්ට වැයු වීනා වාදනයන් පමණකි.

– Upali Jayasinghe

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *