ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක්

අධිකරණයට අපහාස කළ බවට නිගමනය කරමින් නිව්යෝර්ක් නුවර අධිකරණයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවර අමෙරිකාවේ ජනාධිපතිවරණයේදී රෙපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයාද වන ඔහුට මේ දඩය නියම වූයේ නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල් සමඟ පැවැත්වූ ලිංගික ඇසුර රහසක් ලෙස තබාගැනීමට ඇයට ඩොලර් 1,30,000ක් ගෙවා එය සිය සමාගමේ වාර්ෂික ගිණුමෙන් සැඟවීමට කටයුතු කිරීමේ චෝදනාවේ නඩු විභාගයේදීය. ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදී එම නඩු විභාගයේ සාක්ෂිකරුවන් සමාජ මාධ්‍ය හරහා විවේචනය කර ඇතැයිද, සාක්ෂිකරුවන් විවේචනය නොකරන ලෙස ඔහුට නියෝග කර තිබූ බවද නිව්යොර්ක් නුවර අධිකරණ විනිසුරු ජුවාන් මර්චන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඉදිරියේදී නැවත සාක්ෂිකරුවන් විවේචනය නොකරන ලෙසට පැනවූ නියෝගය උල්ලංඝනය කළහොත් සිරගත කරන බවටද විනිසුරුවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩිව අවවාද කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *