තුර්කි ජනපති ලෙස නැවතත් රිසෙප් එර්දොවාන් පත්වෙයි – රටවල් රැසකින් සුබ පැතුම්

තුර්කි ජනපති නැවතත් දිනයි; ජනපති වූ රිසෙප් එර්දොවාන්ට රටවල් රැසකින් සුබ පැතුම්

තුර්කි ජනපති නැවතත් දිනයි; ජනපති වූ රිසෙප් එර්දොවාන්ට රටවල් රැසකින් සුබ පැතුම්

තුර්කි ජනාධිපතිවරණයේ නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වත්මන් ජනපති රිසෙප් එර්දොවාන්ට හිමිකර ගෙන තිබුණි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ දෙවැනි වටයේ ඡන්දයෙන් සියයට 52ක් දිනාගනිමින්, තුර්කි ජනාධිපතිවරණය ජයගැනීමට වත්මන් ජනාධිපති රිසෙප් එර්දොවාන් සමත්ව ඇති බවය.

විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂක කෙමාල් කිරිච්ඩලෝරෝ ජනාධිපතිවරයා හමුවේ පරාජයට පත්විය.

මේ අතර එර්දොවාන්ගේ ආධාරකරුවන් නගරවලට රැස්ව ප්‍රීතිඝෝෂා පවත්වමින් සිය නායකයාගේ ජයග්‍රහණය සැමරීය.
ඉස්තාන්බූල්හි රැස්වූ ආධාරකරුවන් හමුවේ අදහස් දැක්වූ එර්දොවාන් පැවසුවේ ජයග්‍රහණය ලැබුවේ තමන් නොව තුර්කිය බවය.

තුර්කි ජනාධිපතිවරණය මැයි 14වැනිදා පැවැත්වූ නමුත් එහි පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගැනීමට කිසිදු අපේක්ෂකයෙකු සමත් නොවීය. මැතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට සිදුවූයේ ඒ අනුවය.

මෙවර ජයග්‍රහණය සමඟ දැනට වසර 20ක් තුර්කිය පාලනය කර ඇති එර්දොවාන් තවත් වසර 5ක කාලයක් සඳහා එහි බලයට පත්වෙයි.

තුර්කි ජනාධිපති ධුරයට පත් වූ Recep Tayyip Erdogan හට ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයින් සුබ පතා තිබෙනවා.

අමෙරිකාව, චීනය, ප්‍රංශය, රුසියාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් Recep Tayyip Erdogan හට සුබ පතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *