ජනපති, අගැමැති, ඇතුළු ඇමතිවරු භාවිත කරන VIP වාහන විකුණා ඩොලර් ගේන අනුරගේ සැලැස්ම

ජනපති, අගැමැති, විපක්ෂනායක හා ඇමතිවරුන් භාවිත කරන්නේ ලෝකයේ මිල අධිකම නවීන වාහන බවත් එම වාහන පිටරටට විකුණා ඩොලර් උපයා ගැනීමට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, ඊයේ දින කොළඹදී පැවැති සඟ සමුළුව අමතමින් මේ බව පැවැසීය.

ඔහු තවදුරටත්,

“අපිට අද අලුත් දේශපාලනයක් ඕන. මේ මහජනතාවගේ ධනය ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනය වෙනුවනට අපේ බුදුරාජාණන් වහන්සේ දේශනා කර තිබෙන සරළ දිවි පැවැත්මක් සඳහා දේශපාලනයක්.

අද ඩොලර් නෑ. මම ඔබ වහන්සේලාට එක සහතිකයක් දෙනවා අපිට භාර දෙන්න ආණ්ඩුවක්, අපි හදමු ආණ්ඩුවක්, ඔය ජනපතිවරයා භාවිත කරන වාහන අඩුම ගාණේ ඩොලර් මිලියන 2 පනිනනවා. ඒ වාහන කොච්චර තියෙනවද? අගමැතිවරයා ගාව, විපක්ෂනායකවරයා ගාව, අමාත්‍යවරු ගාව, අඩුම ගානේ ඩොලර් මිලියනය ඉක්මවන වාහන විශාල ගණනක් තියෙනවා. අපි මේ වාහන සියල්ල ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන සැලසුම හදනවා.

ජනාධිපති තියාගෙන හදන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවලින් පළක් නෑ. පොදු එකඟතාවයකට ඕන නම් ජනාධිපති ඉවත්වෙන්න ඕන. මහින්ද නම් ඉවත්වෙන්න යනවා කියනවා ඒක ප්‍රමාණවත් නෑ” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *