ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කිසිම ලිහිල් කිරීමක් නෑ – සුමන්තිරන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත තුළ එම පනත ලිහිල් කිරීමට අදාළ අලුතෙන් කිසිවක් ඇතුළත් කර නොමැති බව දමිළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා, විදේශ අමාත්‍යවරයා විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 10 වන දින පැවති පළමුවර කියවීමේ විවාදයේ දී ප්‍රකාශ කළේ ය.

පනතට අනුව රඳවා තබා ගැනීමේ කාලය මාස 18 සිට මාස 12 දක්වා අඩු වුවද වසර 18කටත් වඩා මෙම පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් රඳවාගෙන සිටින බවට ඔහු චෝදනා කළේ ය.

මෙවැනි වැදගත් පනත් කෙටුම්පතක් පිළිබඳව විවාදයක් පවතින අවස්ථාවක දී අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ නොසිටීම ද සුමන්තිරන් මහතා විවේචනයට ලක් කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *