මේ වෙලාවෙ වැඩවර්ජන කරන එකේ වාසිය වත්මන් පාලකයන්ටයි – ලාල්කාන්ත

වැඩවර්ජන සිදු කිරීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවත්, මෙවැනි අවස්ථාවක වැඩවර්ජන සිදු කිරීමෙන් වාසි සිදුවන්නේ පාලකයන්ට බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා, මහනුවරදී පැවති රැස්වීමක් අමතමින් මේ බව සඳහන් කළේය.

විවිධ පීඩා හේතුවෙන් ජනතාව පැදුරටම වැටී සිටින අවස්ථාවක වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩවර්ජන දියත් කිරීම හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව පෙන්වා දෙන ලාල්කාන්ත මහතා පවසන්නේ ඒ හරහා පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුවට අවස්ථාවක් ලැබෙන බවයි. ඒ හරහා ජනතාවද ආණ්ඩුවට බැනීම පසෙක තබා වෘත්තීය සමිති සමග ගැටුම් ඇතිකර ගන්නා බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථාවක වඩාත් සුදුසු වන්නේ අඛණ්ඩව සේවයේ යෙදෙමින්, මහජනතාවගේද විස්වාසය දිනා ගනිමින් අරගල කිරීම වඩාත් සුදුසු බවද ලාල්කාන්ත මහතා සඳහන් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *