තවදුරටත් මුස්ලිම් පක්ෂ විශ්වාසකරලා රැවටෙන්න එපා – ඉම්රාන්

මුස්ලිම් ප්‍රජාව පාවා නොදිය යුතු බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා, සමකාලීන දේශපාලනය පිළිබඳව අදහස් දක්වමින් මේ බව කියා සිටියේ ය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ,

“අපේ ප්‍රජාවට අනෙකුත් ඕනෑම ප්‍රජාවක් මෙන් මේ රටේ කෙලින් ජීවත් වීමට හැකි වන පරිදි එක්සත්ව එක්වන ලෙස මම සියලුම මුස්ලිම් සන්ධානයන්ගෙන් ඉල්ලා සිටිමි.

බොහෝ තැන්වල මුස්ලිම් ප්‍රජාව නොසලකා හරිනවා. ආණ්ඩුවේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව සාකච්ඡා කළ නොහැකි වී ඇති බව අප දන්නා කරුණකි.

දැන් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ එක්සත් ජනතා බලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පමනයි. මුස්ලිම් පක්ෂ කළ යුතු දේ එක්සත් ජනතා බලවේගය දැන් කරමින් පවතිනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *