අසාර්ථක වුණු හයිටි අග්‍රාමාත්‍ය ඝාතන තැත්

හයිටි අග්‍රාමාත්‍ය ඝාතන උත්සාහයකින් බෙරෙයි

හයිටි අග්‍රාමාත්‍ය ඝාතන උත්සාහයකින් බෙරෙයි

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඝාතනය කිරීමට තුවක්කුකරුවන් පිරිසක් උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. හයිටි නිදහස් දිනයට යෙදී තිබුණු අතර, නිදහස් දිනය වෙනුවෙන් හයිටියේ උතුරු දෙසින් පිහිටි ගොනයිවිස් නමැති නගරයේ දෙව්මැදුරක විශේෂ දේව මෙහෙයකට සහභාගී වී සිටිද්දී, ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

වෙඩි වරුසාවක් මැද, ආරක්ෂක නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී, අග්‍රාමාත්‍යවරයා වට කර ගත් බවත්, පසුව තුවක්කුකරුවන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරමින්, වෙඩි වරුසාව මැදම අග්‍රාමාත්‍යවරයා ඔහුගේ මෝටර් රථයට ගෙන ගොස් ඉන්පසු ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑම සිදුවිය.

හයිටිය අර්බුද රැසකින් හෙම්බත් වුණු රාජ්‍යයකි. පසුගිය 2021 වසරේ ජූලි මාසයේ හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනයට ලක් විය. ජනාධිපතිවරයා වෙඩි තබා ඝාතනය කළේ, පෝට් ඕ ප්‍රින්ස් අගනුවර ඔහුගේ නිල නිවසට රාත්‍රියේ කඩා වැදුණු සන්නද්ධ පිරිසකි.

එම අවස්ථාවේදී ජනාධිපති බිරිඳ ද වෙඩි ප්‍රහාරයට ලක් වූ නමුත් ඇගේ තත්ත්වය බරපතල නොවිණි.

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි රටේ පාලනය සියතට ගත්තේ ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසුවය. ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය කළේ විදේශික කුලී හේවායන් කණ්ඩායමකි. ඝාතනයට සම්බන්ධ බොහෝ දෙනකු අත්අඩංගුවට ගැණුනද මහ මොළකරු හයිටියෙන් පලා ගොස් ඇතැයි හයිටි ආරක්ෂක අංශ පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *