ලක්ෂ 200ක ගජමුතු 4ක් සමඟ 3 දෙනෙක් STF අත්අඩංගුවට

0
ලක්ෂ 200ක ගජමුතු 4ක් සමඟ 3ක් STF අත්අඩංගුවට

ලක්ෂ 200ක ගජමුතු 4ක් සමඟ 3ක් STF අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 200කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු 4ක් සමඟ පුද්ගලයන් තිදෙනකු අරාව කරඳගහමඩ ප්‍රදේශයේදී සඳුදා (22) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයන් බිබිල, මාතලේ හා බකමූණ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 49, 31 හා 29 හැවිරිදි වියේ පසුවන්නන් බවද පොලීසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හාලිඇළ උඩුවර කඳවුරේ නිලධාරීන් හට ලද තොරතුරක් මත උපායදූතයකු යොදවමින් මෙම වැටලීම කරඳගහමඩ ප්‍රදේශයේදී සිදුකර ඇත. එම අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ ගජමුතු බවට සැකකෙරෙන කැබලි හතරක්ද එම නිලධාරීන් භාරයට ගෙන තිබිණි. සැකකරුවන් අරාව පොලිස් ස්ථානය වෙත භාර දීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇත.

ඌව දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල සහකාර පොලිස් අධිකාරි (1) වේහිත දේශප්‍රිය මහත්වරුන්ගේ උපදෙස් මත අරාව පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති උපොප අබේවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com