ලොව වයස්ගතම කාන්තාව: ජපානයේ කානේ ටනාකා 119වැනි උපන්දිනය සමරයි

ජපානයේ කානේ ටනාකා ලොව වයස්ගතම කාන්තාව 119වැනි උපන්දිනය සමරයි

ජපානයේ කානේ ටනාකා ලොව වයස්ගතම කාන්තාව 119වැනි උපන්දිනය සමරයි

ලොව වයස්ගතම තැනැත්තිය ලෙස සැලකෙන ජපානයේ කානේ ටනාකා පසුගියදා සිය 119වැනි උපන්දිනය සැමරූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. දකුණුදිග ජපානයේ ෆුකෝආකා හි පිහිටි සුරැකුම් නිවාසයකදී ඇය මෙලෙස සිය 119වැනි උපන්දිනය සමරා තිබේ. ඒ අනුව ඇය තමන්ට හිමි ලෝක වාර්තාව තවත් අවුරුද්දකින් අලුත් කිරීමටද සමත්ව සිටින්නීය. එම සුරැකුම් නිවාසයේ කායිමඩලය සහ අනෙකුත් ඥාතීන් සහ මිත්‍රයන් සමග ඇය මෙම උපන්දිනය සැමරීම සිදුකර තිබේ. එහිදී ෆුකුඔකා පළාතේ විකාශය කෙරෙන රූපවාහිනී නාලිකාවක් හරහා මෙම උපන්දින උත්සවය සජීවීව විකාශය කිරීමද සිදුකර තිබේ.මෙම අවස්ථාවට සහභාගි වූ ටනාකාගේ මුබානුබුරෙකු වන 62 හැවිරිදි එයිජී, මාධ්‍ය වෙත අදහස් දක්වමින්, සිය මිත්තණිය සතුටින් සහ විනෝදයෙන් වයසට යමින් සිටින බව පවසා තිබේ.

මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයාට හිමි වාර්තාව තබා තිබුණෝද ජපාන ජාතිකයෙකුම වූ ජිරෝමොන් කිමුරාය. ඔහු 2013 ජූනි මාසයේදී අභාවප්‍රාප්ත වනවිට අවුරුදු 116ක් ආයු වළඳා සිටියේය. විශේෂයෙන්ම ජපානය ලොව වැඩිම ආයුකාලයක් සහිත පුද්ගලයන් වෙසෙන රටක් බවටද අද හදුනාගෙන තිබේ. කෙසේ වෙතත් මෙලෙස වයස්ගත ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ඊට සාපේක්ෂව එරට නව දරු උපත් ශීඝ්‍රයෙන් පහළ යාමේ අවස්ථාවන් වාර්තා වීම ජපානයට දරුණු සමාජ ගැටලුවක් බවටද ආසන්න දශකය තුළදී පත්වෙමින් තිබේ. ටනාකා උපත ලබා ඇත්තේ 1903 වසරේදීය. එම වසර රයිටි සහෝදරයන් විසින් පළමුවැනි ගුවන් යානාව අත්හදා බැලූ කාලයයි.

1922 වසරේදී ඇය හිඩෙඕ ටනාකා හා විවාහ වූ අතර, අනතුරුව දෙපළට දරුවන් සිවුදෙනෙකු උපත ලබා තිබේ. එසේම දෙපළ පස්වැනි දරුවෙකු දරුකමට හදාගත් බවත් පැවසෙයි.සෑම දිනකම අලුයම 6.00ට අවදි වන ටනාකා, සන්ධ්‍යා කාලයේදී ගණිතය ඉගැනීම සහ අක්ෂර ලිවීම පිළිබදව අභ්‍යාසයේ යෙදෙන බවත් සදහන් වෙයි. එසේම ඇය අනිවාර්යයෙන්ම කාඩ්පත් ක්‍රීඩාවක නිරත වන බවත්, එහිදී ඇය Game of Othello ක්‍රීඩාවේ කෙළපැමිණියෙකු බවට පත්ව ඇතැයිද සුරැකුම් නිවාසයේ පිරිස් පවසා සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *