ඩො.බි 12ක ඉරාන වත්කම් නිදහස් කිරිමටත් ඇමෙරිකාව එකඟවෙයි
සංචාරකයින් පැමිණිම ලක්ෂ 11 ඉක්මවයි
තෙල් සම්බාධක ඉවත් කිරිමට අමතරව අත්හිටුවා තිබූ විදේශිය වත්කම්වලින් ඩොලර් බිලියන 12ක් නිදහස් කිරීමටද අමෙරිකාව එකඟතාව පළ කර ඇති අතර, තෙල් සම්බාධක සහ වත්කම් නිදහස් කිරීම පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ එම අවසර පත්‍රය මඟින් අත්කර ගන්නා ලාභය සහ විදේශීය වත්කම් ඉරානය සිය මිලිටරි ශක්තිය නැවත ගොඩනැඟීමට නොව එරට මිලියන ගණනාවක ජනතාවගේ ජීවිත නැවත ගොඩ නැඟීමට භාවිත කළ යුතු බවය. ඉරානය එම ආදායම්වලින් අමෙරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන මිල දී ගත යුතු බවද ට්‍රම්ප් සඳහන් කර තිබේ.
සාධාරණ ගිවිසුමක් සම්බන්ධව සාකච්ඡා කිරීමේදී අමෙරිකාව ඉතා හොඳින් කටයුතු කළ බව සඳහන් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන රජයට ලැබෙන ආදායමෙන් ඉරාන ජනතාවට අවශ්‍ය ආහාර, ඉරිඟු ඇතුළු සියලු ද්‍රව්‍ය අමෙරිකානු ගොවීන්ගෙන් පමණක් මිලදී ගනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.
ඉරානයට පනවනු ලැබූ සම්බාධක ඉවත් කිරීමට සහ විදේශීය වත්කම්වලින් කොටසක් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය නිදහස් කිරීමට සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නිරීක්ෂකයන්ට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සොයා බැලීමට අවසර ලබාදීමේ එකඟතාව මත බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
