ඉන්දියාවෙන් තෙල් ගන්න බිලියනයක්; ඩොලර් මිලියන 500ක ණයක්; ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්

ඉන්දියාවෙන් තෙල් ගන්න බිලියනයක්; ඩොලර් මිලියන 500ක ණයක්; ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්

ඉන්දියාවෙන් තෙල් ගන්න බිලියනයක්; ඩොලර් මිලියන 500ක ණයක්; ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්

ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

එම ණය මුදල මුදල් වශයෙන් නොව, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40ක්ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත්දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.

මේ අතර, චීනයෙන්ද ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණයත් පසුගියදා ලැබුණු අතර, වසරකින් ආපසු ගෙවීමේ පදනම මත කටාර් රාජ්‍යයෙන්ද ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණයක් ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *