ශ්‍රී පාද මාර්ගයේත් ගෑස් උඳුනක පිපිරීමක්

0

හැටන් ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳසැලක ගෑස් උඳුනක් පුපුරා යාමෙන් එහි සේවකයෙකු තුවාල ලබා ඇත.

මෙලෙස ගෑස් උඳුනක් පුපුරාගොස් ඇත්තේ හැටන් ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකය.

තුවාල ලැබූ වෙළෙඳසැලේ සේවකයා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

අද දහවල් 1ට පමණ තුවාල ලැබූ සේවකයා ආහාර පිසිමින් සිටියදී එක්වරම ගෑස් උඳුන පිපිරී ගිනි දැල් ඉහළට දැල්වී තරුණයා පිළිස්සුම් තුවාල ලබා තිබේ.

අනතුරුව තුවාල ලැබූ තරුණයා නල්ලතන්නිය පොලිසියේ නිලධාරින්, යුධ හමුදා භට පිරිස්, එක්ව තුවාලකරු ඇහැලකණුව ප්‍රදේශයේ සිට නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් රෝහල් ගත කර ඇත.

තුවාලකරු රත්නපුර කුරුවිට බටතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ශ්‍රි පාද උඩ මළුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැවසිය.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම ඇහැලකණුවේ පිහිටි මෙම ආපනශාලාවට නල්ලතන්නියේ ගෑස් අලෙවි සැලක සිට ගැස් සිලින්ඩර් කිහිපයක් රැගෙන ගොස් ගබඩා කර ඇති බව අනාවරණ වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com