ඉන්දීය අධිකරණයක් තුළ බෝම්බ පිපිරීමක් – දෙදෙනක් මිය ගිහින්

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ අධිකරණ සංකීර්ණයක් තුළ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. අධිකරණයේ කටයුතු සිදුවෙමින් තිබියදී අධිකරණ සංකීර්ණයේ පොදු වැසිකිලියක් තුළ මෙම පිපිරීම සිදුව තිබේ.

මෙම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර පරීක්ෂණ කණ්ඩායම් ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *