2021 වසරේ චීනයේ ආර්ථික වර්ධනය 8%ක් – ලෝක බැංකුව

2021 වසරේ චීනයේ ආර්ථික වර්ධනය 8%ක් - ලෝක බැංකුව

2021 වසරේ චීනයේ ආර්ථික වර්ධනය 8%ක් - ලෝක බැංකුව

මෙම වසරේදී චීනයේ ආර්ථික වර්ධනය 8%ක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි. විශේෂයෙන්ම වසරේ පළමු අර්ධයේදී චීන ආර්ථිකය වඩාත් ශක්තිමත්ව යථාවත්වීම.

දෙවැනි අර්ධයේදී තවදුරටත් හොදින් පවත්වාගෙන යාම මෙවැනි ආර්ථික වර්ධනයක් ස්වෙත යොමුවීමට හේතුව වී ඇතැයි ලෝක බැංකුව සිය අලුත්ම වාර්තාව මගින් පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම ආර්ථික වර්ධනය පිළිබද සදහන පසුගිය ජූනි මාසයේදී ලෝක බැංකුව මගින් චීනයේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ප්‍රකාශකර තිබූ 8.5%ක වර්ධන අපේක්ෂාවන්ට සාපේක්ෂව යම් අඩුවීමක් ලෙසද සදහන්ව තිබේ. මෙහිදී චීනයේ ආර්ථික වර්ධනය 2020 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2021 වසරේ පළමු කාර්තුවේදී 18.3%ක වර්ධනයක් පෙන්වා තිබේ. එසේම දෙවැනි කාර්තුවේදී එය 7.9%ක වර්ධනයක් පෙන්වා ඇත. එහෙත් තෙවැනි කාර්තුවේදී එය පෙර වසරට සාපේක්ෂව 4.9%ක පසුබැසීමක් පෙන්නුම් කර තිබේ.

එහිදී මූලිකවම තෙවැනි කාර්තුවේදී ආර්ථිකයට එල්ල වූ බලපෑම් ඊට හේතුව වී තිබේ. එසේම එය චීනයේ ආර්ථික වර්ධනයේ ඉදිරි දැක්ම වෙත යම් පසුගාමී අවදානමක් එල්ල කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක බැංකුව, ඊට තුළ වසංගතය යළි නැගී සිටීම මෙන්ම නිශ්චල දේපළ අංශයේ සිදුවුණු අර්බුදකාරි තත්වය මෙම බලපෑම් සඳහා දායකවී ඇතැයි සඳහන් කරයි.ඒ අනුව මෙම තත්වයන් මගහැරවීම සදහා චීන රජය ගෙන යන ප්‍රයත්නයන් කෙටිකාලීනව ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දී ඇත. ”මෙහිදී චීනය ප්‍රධානම අභියෝග තුනකට මුහුණ දෙනවා. පාරිභෝජනය සහ සේවා අංශ පිළිබදව දක්වන දැඩි විශ්වාසය වෙත යොමු වීම, වෙළඳ පොළ සහ පොද්ගලික අංශය සඳහා වන ප්‍රධානම භූමිකාව මෙන්ම කාබන් විමෝචනය අවම ආර්ථිකයක් වෙත යොමුවීම යනාදිය එම කාරණා බව සදහන් වෙයි. මේ අතර 2020 වසරේදී විසංගතයේ බලපෑම මධ්‍යයේ ලොව පුරා රටවල් රැසකම ආර්ථික අර්බුදයන් හට ගනිද්දී. වඩාත් සාර්ථක ආර්ථික වර්ධනයක් ළගා කරගත්රට වන්නේද චීනයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *