කොළඹ සරසවි උපාධි ප්‍රදානෝත්සවයේදී මුරුත්තෙට්ටුවේ හිමිගේ කුලපතිකමට ප්‍රහාරයක්

පෙරේදා දින (17) දින පැවති කොළඹ විශ්වවිද්‍යාලයීය 2019 උපාධි ප්‍රදානෝත්සවයේදී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි මංජුසාව භාර ගැනීම උපාධිධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අතින් උපාධි මංජුසාව භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් පසුගිය දා එහි උපකුලපතිතුමිය වෙත ලිපියක් මගින් දන්වා තිබිණි.

ඒ වෙනුවට, උපකුලපතිතුමිය අතින් හෝ ආචාර්ය මහාචාර්යවරුන් අතින් හෝ උපාධි මංජුසාව ලබා දෙන ලෙස අදාළ ලිපියෙන් ඉල්ලා ඔවුන් ඉල්ලා තිබිණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අද දින උපාධි මංජුසාව උපකුලපතිතුමිය අතින් ලබා දීමට කටයුතු කර ඇති අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

මේ අතර, මෙම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී නොවන බවට දන්වා කළමනාකරණ පීඨ ආචාර්යවරුන් විසින් උපකුලපතිවරිය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඔවුන් මෙලෙස උපාධි ප්‍රදානෝත්සවය ප්‍රතික්ෂේප කරන බවට දන්වා ඇත්තේ ද මුරුත්තෙට්ටවේ ආනන්ද හිමියන් දේශපාලනික පත්කිරීමක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් පත්කිරීමට විරෝධය දක්වමින් බව අදාළ ලිපියෙහි සඳහන් වේ.

එමෙන්ම මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී සිටින ශාස්ත්‍ර පීඨයේ උපාධිධාරීන් අතෙහි කළු පටි පැළඳ මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

එහිදී ඔහු සඳහන් කළේ, උපකුලපති ධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කිරීමට විරෝධය පළ කිරීමට සහ උන්වහන්සේ අතින් උපාධි මංජුසාව භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට මෙලෙස කළු පටි පැළඳ පැමිණි බව ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය දෙසැ.17,18,19 යන දිනයන්හි පැවැත්විනි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *