කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් විමල් ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කිරීමට සූදානම්

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ඡන්දය පාවිච්චි කරන බව අමාත්‍යය රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අදාල පනතෙහි ඇති භයානක ප්‍රතිපාදන අතරින් වඩාත්ම භයානක ප්‍රතිපාදනය වන පෞද්ගලික වෛද්‍යය විද්‍යාල ඇති කිරීමට ඉඩ කඩ සලසන ප්‍රතිපාදන ඉවත් නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණ එම පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කරනා බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වෙත සෘජුවම ප්‍රකාශ කළ ඒ මහතා පවසයි.

අදාල පනතට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ කටයුතු එලැඹෙන අගෝස්තු මාසය දක්වා කල් දැමුණු අතර කිසිදු ආකාරයකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටු වීමට ජාතික නිදහස් පෙරමුණ එකඟ නොවන බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *