LTTE සිරකරුවන් නිදහස් කළේ දුමින්ද නිදහස් කිරීම සාධාරණීකරණය කරන්නයි : රාසමාණික්කම්

එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කර තිබෙන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ සැබෑ අරමුණින් නොව දුමින්ද සිල්වා නිදහස් කිරීමට යම් සාධාරණීකරණයක් ලබාගැනීමේ අරමුණින් බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අනිද්දාට පැවසීය.

එල්ටීටීඊ සිරකරුවන් ලෙස නිදහස් කර ඇත්තේ අවුරුදු 15 ක පමණ කාලයක් සිරගතව සිටි සිරකරුවන් බවත් කොහොමත් ඔවුන් නිදහස ලැබීම සඳහා සුදුසුකම් ලබා සිටි පිරිසක් බවත්, දුමින්ද සිල්වා නිදහස් කිරීම මෙරට විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන උත්තරීතර ආයතන තුනම හෑල්ලුවට ලක් කිරීමක් බවත් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *