ලංකාව චීනයේ තවත් පළාතක් වේ ද?

ලංකාව චීනයේ තවත් පළාතක් වේ ද?

ලංකාව චීනයේ තවත් පළාතක් වේ ද?

“චිනයේ මග පෙන්වීම ඔස්සේ ගමන් කරන ලංකාව, චීනයට තවත් පළාතක් ලෙස ක්‍රියා කරයි” එසේ ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් මහතාය. මෙය ඉන්දියාවට හා බටහිර රටවලට කැමැත්තක් ඇති කරන ක්‍රියාවක් නොවන බවද ඔහු සඳහන් කරයි.

උතුරේ හා නැගෙනහිර හි චීනයේ අධිකාරිත්වය පතුරු වීමට මෙම ආණ්ඩුව අවස්ථාව සලසා දී ඇති අතර මෙය ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන බවද, ඉන්දියාව කෝපයට පත් කිරීමට මෙම ආණ්ඩුව අවස්ථාව උදා කර ඇති බවද ඔහු පවසයි. එහිදී තවදුරටත් අදහස් දක්වමින්, “බටහිර රටවල්වලින් ලංකාවට විවිධ පීඩනයන් පැමිණෙමින් ඇති බවද, එහෙත් මෙම ආණ්ඩුව චීනය මුළුමනින්ම විශ්වාස කොට චීනයේ මගපෙන්වීම ඔස්සේ යමින් චීනයේ තවත් පළාතක් ලෙස ලංකාව පත් කිරීමට තැත් කරන බවද, රට තුළට චීනයේ පැමිණීම හා රට අභ්‍යන්තරයේ චීනය ගෙන යන ක්‍රියාකාරකම් මෙම රට ආගාධයකට තල්ලු කරන අතර නිල ඇඳුම් සම්බන්ධ කාරණයේ දී ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත කෙසේ දැයි මනා ලෙස පෙන්නුම් කොට ඇතැයිද ඔහු සදහන් කළේය.
මඩකලපුවේ ඇති එතුමාගේ කාර්යාලයේ දී (30වන දා) මාධ්‍ය හමුවීමකදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

යාපනය මහ නගර සභාවේ නගරාධිපති මනිවන්නන් මහතා විසින් නගර සභා සීමාව තුල වාහන ශ්‍රේණි ගත කරන ආරක්ෂකයන් හට කොටි සංවිධානයේ නිළ ඇඳුමට සමාන ඇඳුමක් හඳුන්වා දුන් බවට චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන හතරවන මහලට ද රැගෙන ගොස් ප්‍රශ්න කිරීමට ලක් කළ නමුත්, චීන හමුදාවේ නිළ ඇඳුමට ඉතා සමාන ඇඳුම් කට්ටලයක් ඇද සේවා ව සැපයූ චීන්නුන් හෝ ඒ සම්බන්ධ ආයතනය ප්‍රශ්න කිරීමකට හෝ කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් මෙතෙක් සිදු කොට නොමැති බවත් මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් සඳහන් කර සිටියේය.

– තමිල් මිරර්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *