ආණ්ඩුවට එන්නත් ගන්න මුදල් තියනවා – ජනතාවට සයනයිඩ් එන්නත් කළ අයගේ මුදල් අවශ්‍ය නැහැ

ජනතාවට සයනයිඩ් එන්නත් කරන්න ත්‍රස්තවාදීන්ට උදව් කළ අය අද කොවිඩ් එන්නත් මිලට ගැනීම සඳහා මුදල් ඒකතු කරන උත්සා­හයක් තිබෙන බවත් ඔවුන්ගේ මුදල්වලින් කොවිඩ් එන්නත් ලබා ගන්න ආණ්ඩුවට අහේනියක් නැති බව ප්‍රවාහන නියාමන, දුම්රිය මැදිරි හා ප්‍රජා පොලිස් රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය.

මහනුවර මහයියාව ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට (03) පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ මොහොතේ විපක්ෂය කළ යුත්තේ ආණ්ඩුවට මුදල් එකතු කර දීම නොවේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ අවුල් නොකර ඊට සහාය දීමයි.

තම රටවලට එන්නත් ලබා ගැනීමට ලෝකයේ සෑම රටක්ම ලොකු පොරයක නිරතව සිටිනවා. මේ නිසා ඇතිව තිබෙන අධික ඉල්ලුම හමුවේ අවශ්‍යය සැපයුම ලබාදීමේ හැකියාවක් එන්නත් නිෂ්පාදන සමාගම්වලට අද නැහැ.

ආණ්ඩුවට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් පෞද්ගලික අංශයට එන්නත් ආනයනය කිරීමේ අවස්ථාව ලබා දී ඒ ඔස්සේ හැකියාව ඇති අයට මුදල් දී එන්නත් විද ගැනීමට පසුබිම සකස් කරනවා.

මේ මොහොතේ එවැන්නක් කිරීමේ අවශ්‍යතාවක් නැත්තේ ආණ්ඩුවට එන්නත් ගෙන්වා ගැනීමට අවශ්‍යය මුදල් තිබෙන නිසායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *