ආණ්ඩුව හිතන්නේ මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලද? පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ හරීන් ප්‍රනාන්දු ද ?- සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව හිතන්නේ මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලද? - සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව හිතන්නේ මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලද? - සජිත් ප්‍රේමදාස

මේ වෙන විට කොරෝනා ව්‍යාප්තිය බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සහමුලින්ම ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ බලපා ඇති බව පැවසීය.

‍හම්බන්තොට වලව පැවැති 74වෙනි සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

එහදී විපක්ෂනායකවරයා මෙසේද කීය.

“ඔබ අප සියළු දෙනාම දන්නවා පාස්කු ප්‍රහාරය නිසා විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි වුණා. බොහෝ දෙනෙකුට තුවාල සිද්ධ වුණා. දූ දරුවන්ට දෙමවුපියන් අහිමි වුණා. දෙමව්පියන්ට දූ දරුවන් අහිමි වුණා. මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීම අපි හැම දෙනාගේම වගකීමක්. ඒ විතරක් නෙමෙයි 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ජනාධිපතිවරණයකින් 68 ලක්ෂයක් ඡන්දෙ දීලා මහ මැතිවරණයකින් විශාල ජන ජනවරමක් ලබා දුන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයාගන්න. ප්‍රහාරය පිටුපස සැලසුම් කරපු, නායකත්වය ලබා දුන්නු , මුදල් ලබා දුන්නු ,ඒ නීච ත්‍රස්තයන්ට රැකවරණ ලබා දුන්නු කවුද ඒ කණ්ඩායම ? කවුද මේකෙ මහ මොළකරුවන් ? කවුද මේ කණ්ඩායමට ඇතුලත් ? කවුද සැලසුම් කරේ ? කාගේ උපදෙස් ද ? කාගේ අරමුදල් ද ? මේ සෑම කාරණාවක් පිළිබඳවම අද දවසේත් රටේ ජනතාව බලාගෙන ඉන්නවා.

දැන් මේ මහ මොළකරුවා කියන ප්‍රශ්නයට ආන්ඩුව උත්තර දීලා තියෙනවා එක පුද්ගලයෙකුගේ නමක් ඉදිරිපත් කරලා . රටේ බහුතර ජනතාව දන්නවා සත්‍ය කාරණාව එය නොවේ.අදටත් සත්‍ය කුමක්ද කියන එක හෙළිදරව් වෙලා නෑ. ඒක මම වගකීමෙන් කියනවා.මුළු රටම විශ්වාස කරන්නේ නෑ මේ මහ මොළකරුවා අහවලා කියලා කියපු ප්‍රකාශය. කොටින්ම කිව්වොත් කාදිනල්තුමා වත් විශ්වාස කරන්නේ නෑ . ඒ නිසා මුළු රටම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රහාරයට නායකත්වය ලබා දුන්නු ,සැලසුම හදපු ,ආයුධ ලබා දුන්නු ,මුදල් ලබා දුන්නු ඒ නීච ත්‍රස්තවාදී කණ්ඩායමේ සෙසු අය කවුද ? කවුද මේ මහ හානිය සිද්ධ කළේ ?

දැන් මේ කරුණු කාරණා පිළිබඳ හරීන් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කළා. අදහස් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා.සාමාන්‍ය ජනතාව නොදන්නා තොරතුරු/විස්තර විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළා. හැබැයි එතුමා ඒ දේ ඉදිරිපත් කරලා දින තුන හතරක් ගත වුණා විතරයි හරීන් ප්‍රනාන්දු මැතිතුමාව ප්‍රශ්න කරල ඒ ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග නිකුත් කරලා ,තොරතුරු ඉදිරිපත් කරපු හරීන් ප්‍රනාන්දු මැතිතුමාගෙන් පලිගැනීමක් කරන්නට කටයුතු කරනවා කියන එක තමයි අපටත් රටේ ජනතාවටත් හැගෙන්නේ.

දැන් රජය කරන්නට ඕන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අලුත් තොරතුරු රටට ඉදිරිපත් කරපු හරීන් ප්‍රනාන්දු මැතිතුමාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ද ? රැඳවුම් නියෝග ලබා ගැනීම ද ? එහෙම නැතුව සැබැවින්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ඒ නීචයෝ ටික පාස්කු ප්‍රහාරකයින් සමඟ අනියම් සබඳකම් ඇති කරගත්තු අය ,මුදල් ලබා දුන්නු අය ,ආයුධ ලබා දුන්නු අය මේ මහා මොල කණ්ඩායම හෝ මහමොළකරු හොයා ගැනීම නේද රටේ ඉල්ලීම. ජනතාවගේ ඉල්ලීම. රට ඉල්ලනවා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න කියලා ,නමුත් වෙන්නේ වෙන දෙයක් .හරීන් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ දැවැන්ත හෙලිදරව්වක් කලා. එයින් හෙළිදරව්වට අනුව ඒ තොරතුරු හොයාගෙන මේ නීච තවමත් හඳුනා නොගත්ත ත්‍රස්තයෝ ටික ,තවමත් අල්ල ගන්නට බැරි වුණු ත්‍රස්තයෝ ටික , තවමත් 69 ලක්ෂයකට 68 ලක්ෂයකට පොරොන්දු වුණත් අල්ල ගන්න බැරි වුණු ත්‍රස්තයෝ ටික ,අල්ලගන්න එක නේද රජයේ යුතුකම ? දැන් 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ඉල්ලුවේ හරීන් ප්‍රනාන්දු අල්ලා ගන්න කියලද ? ඒක ද මේ ආණ්ඩුවේ ජනවරම ? ආණ්ඩුවෙ ජන වරම කියපු දේ කරන එක. මොකක්ද කිව්වේ ? අපේ ආණ්ඩුවට මේක කරන්න බැහැ කිවුවා. අපේ ආණ්ඩුව අසාර්ථකයි කිව්වා. ඒ නිසා පත් කරගන්න කිව්වා ජාතික ආරක්ෂාව රැකගන්න ආණ්ඩුවක් .

දැන් කොහොමද මිත්‍රවරුනි ජාතික ආරක්ෂාව රැකෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තවමත් හොයාගන්නට බැරි තත්ත්වයක් තුළ ? දැන් හැම දේකින්ම මේ ආණ්ඩුව අසමත් වෙලානේ තියෙන්නේ. හැමෝම දන්නවා ආණ්ඩුවට බෑ කියන කාරණාව. “ආණ්ඩුවට බෑ ” . ඒක 69 ලක්ෂයට ම ඔප්පු වෙලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා මේ 69 ලක්ෂයකටම සමගි ජන බලවේගයේ අපේ අලුත් ගමන සමඟ එකතු වෙන්න . “ආණ්ඩුවට බෑ ,සමගි ජන බලවේගය ට පුළුවන් ” අපිට පුළුවන් කරන්න. අපිට පුළුවන් රට පාලනය කරන්න. අපිට පුළුවන් රට ආරක්ෂා කරන්න. අපිට පුළුවන් රට සංවර්ධනය කරන්න. ඒ නිසා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මැතිතුමාට හිරිහැර කරනවා වෙනුවට ඒ පාස්කු ප්‍රහාරය තුළින් ඒ ජීවිත අහිමි වුණු ඒ තුවාල ලබපු දූදරුවන් දෙමාපියන් අහිමි වුණු පවුල්වලට සාධාරණත්වය ඉෂ්ට කරන්න. මේ හැමෝම බලාගෙන ඉන්න නීච ත්‍රස්තයන් ටික අල්ලලා දඬුවම් දෙනකං .

මම කියනවා බොහොම පැහැදිලිව සමගි ජන බලවේග නායකයා හැටියට මටනම් කොන්දක් තියෙනවා ඒ ත්‍රස්ත ප්‍රහාරයට මුල්වුණු සියලු දෙනා අල්ලගෙන නියම දඬුවම් දෙන්න. සිංගප්පූරුවේ දඬුවම දෙන්න මට කොන්දක් තියෙනවා. හැබැයි ඒ කොන්ද මේ ආණ්ඩුවට නෑ. හැමෝම බයයි සිංගප්පූරුවේ කෙරෙන ක්‍රමයට දඬුවම ලබා දෙන්න. හැබැයි මහලොකුවට මර ලතෝනි දෙනවා දේශප්‍රේමිත්වය ගැන. දේශාභිමානය ගැන. මම ඔබ සියලු දෙනාටම කියන්න කැමති හරීන් ප්‍රනාන්දු මැතිතුමා නෙමෙයි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු. හැබැයි පෙන්නන්න හදන්නේ හරීන් ප්‍රනාන්දු අල්ලලා සිරගත කරලා වෙනත් පැත්තකට මේ ගෙනියන්න හදන්නේ. හරීන් ප්‍රනාන්දු ද සැලසුම් කළේ පාස්කු ප්‍රහාරය ? මොන විහිළුවක් ද ? හිතාගෙන ඇත්තේ අපේ රටේ ඉන්නේ මෝඩයෝ කොට්ඨාසයක් කියලා. මෝඩයෝ නෙමෙයි ඉන්නේ ,මම විශ්වාස කරනවා අපේ රටේ අතිමහත් බහුතරයක් ඉන්නේ බුද්ධිමත් ජනතාව.මම කියනවා මේ ආණ්ඩුවට බුද්ධිමත් ජනතාවගේ බුද්ධියට නිග්‍රහ කරන්න එපා. අපහාස අවමන් කරන්නට එපා. සැබෑ ත්‍රස්තවාදීන් ටික අල්ලගන්න. බොරුවට හරින් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ දවැන්ත එළිදරව්වක් කර පමණින් එතුමාවත් අඩංගුවට ගැනීම නෙමෙයි රටේත් ජනතාවගේත් බලාපොරොත්තුව. හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නෙවෙයි ,මම පාර්ලිමේන්තුවෙත් කිව්වා එතුමාව අත් අඩංගුවට ගන්නවා නම් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ම ගන්න අත්අඩංගුවට.මොකද එතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එතුමාට අපි වග කියනවා. එතුමා අපි ආරක්ෂා කරනවා. කරුණාකරලා පාස්කු ප්‍රහාරයේ සැබෑ ත්‍රස්තයෝ ටික මහා මොළකරු වන් අල්ලා ගන්නට ආණ්ඩුව මීට වඩා උනන්දු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.”

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *