“පිට අයත් එක්ක සාකච්ඡා බැහැ” – බැසිල්ගෙන් ශ්‍රීලනිපයට දැඩි කොන්දේසියක්
මුදල් අවභාවිත චෝදනාවකට හිටපු ඇමැති බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝගයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත කොන්දේසියක් ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ, පසුගිය අගහරුවාදා බැසිල් රාජපක්ෂ මහතා හා ශ්‍රී ලනිප නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවකදීය.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත්තේ සන්ධානය තුළ ශ්‍රී ලනිපයට ගැටලු ඇතිනම් එය ප්‍රධාන පක්ෂය වූ පොදුජන පෙරමුණ සමග සාකච්ජා කොට විසදා ගත යුතු බවකි.
එසේ නොකොට වෙනත් පක්ෂ සමග සාකච්ජා පැවැත්වීමෙන් වළකින ලෙසද බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලනිපයට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
