Type to search

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සුවිශේෂී කරුණු විපක්ෂය කතෝලික සමුළුවට කියන්න යයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසට, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කතෝලික රදගුරු සමුළුව වෙත ලිපියක් යවමින් ඉල්ලීම සිදු කර තිබේ.

එමඟින් ඔහු ඉල්ලා ඇත්තේ පසුගිය කාලයේ විපක්ෂය පාර්ලිමේන්තුව සහ ඉන් පිටතදී මේ සම්බන්ධයෙන් අනාවරණ කළ සුවිශේෂී කරුණු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙසයි..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ප්‍රශ්නගත තොරතුරු පිළිබදව ප්‍රශ්න කරන විට ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවත්, එබැවින් අදාළ කරුණු පිළිබඳව සමස්ත රදගුරු මණ්ඩලය සමඟ තොරතුරුද සහිතව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට සුදුසු දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අදාළ ලිපියෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *