එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී තිබෙනවා.
අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදු වූ බව කියන අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු පදනම් කරගනිමින්, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේයි නාමල් රාජපක්ෂ මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත්තේ.
