තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් – 11 දෙනෙකුට තුවාල

0

තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩික්කරු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පළා ගොස් ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.

මෙම සිදුවීම එරට වේලාවෙන් පෙ.ව. 08:00 ට පමණ තුර්කියේ බටහිර මනිසා පළාතේ පිහිටි ඉන්සි උස්මගස් වෘත්තීය සහ තාක්ෂණික ඇනටෝලියන් උසස් පාසල (Inci Uzmez Vocational and Technical Anatolian High School) ආසන්නයේ සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රදේශයේ ආණ්ඩුකාර කාර්යාලයට අනුව, ප්‍රහාරකයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

දේශීය මාධ්‍ය වාර්තා කළේ රෝහල් ගත කළ තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

අන්තර්ජාලයට එක්කර තිබූ CCTV දර්ශනවල දැක්වෙන්නේ පාසල අසල මාර්ගයක පුද්ගලයෙකු ගිනි අවියක් අතැතිව සිටින ආකාරය සහ තවත් දර්ශන පෙළක ඔහු එම ගිනි අවිය ද සහිතව පළා යන ආකාරයයි.

තුර්කි මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙඩික්කරු 15 හැවිරිදි සිසුවෙකු බවයි.

කෙසේ වෙතත්, එය තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.

නිවේදනයක් නිකුත් කරමින් තුර්කි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මෙම සිදුවීම “අපගේ ජාතිය, විශේෂයෙන්ම අපගේ අධ්‍යාපන ප්‍රජාව දැඩි කම්පනයට පත් කළ” බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *