සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති තුමා නිසා – බන්දුල ගුණවර්ධන

සහල් මිල පාලනය කළ නොහැකි වී තිබෙන්නේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා නිසා යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී සහල් මිල සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

“ගරු කතානායක තුමනි සහල් මිල පාලනය කරන්න ඉතාම පහසු ක්‍රමවේදය පසුගිය රජය කළාක් මෙන් ජාත්‍යන්තර වෙළඳපොලෙන් අඩු මිලට සහල් ලංකාවට ගෙනල්ලා වෙළඳපොල පුරාම බෙදා හැරීම. මේකෙදි ඕනැම මාෆියාවක් පාලනය කරන්න පුළුවන්.

ජනාධිපති තුමා මේ ප්‍රතිපත්තියට මාරුවෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ සහල් පිටරටින් ගෙන්නන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙන්නන්න ඉඩ දෙනවනම් ඉතා පහසුවෙන් පහසුවෙන් මේ මිල පාලනය කරන්න පුළුවන්.” යැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා එහිදී සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *