(VIDEO) කංසා ඕනෑ, රෑට බොන්න ඕනෑ: නයිට් ලයිෆ් ඕනෑ, ඩයනා පාර්ලිමේන්තුවම දෙවනත් කරයි

කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයියෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.

“රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි”යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය කීවාය.

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු පැමිණි ඩයනා ගමගේ මහත්මිය පසුව ආණ්ඩුවට එකතු විය.

 

 

 

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *