(VIDEO)”මම නෙමෙයි වැදගත්. මාව මේ තැනට ගෙනාපු මතවාදය ආරක්ෂා කරගන්න ඕනේ” – ජනපති උතුරේ කියපු සැර කතාව

රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය. එම පිරිසට පිළිකා රෝගීන් 75,000ක්ද වකුගඩු රෝගීන් 1,64,000ක්ද ඇතුළත්වන බව ඇමතිවරිය සඳහන් කළාය. වකුගඩු රෝගීන් වසරකදී 6000ක්ද පිළිකා රෝගීන් දිනකට පනස් හතර දෙනෙකුද මියයන බව පැවැසූ වන්නිආරච්චි මහත්මිය පිළිකා රෝගීන්ගේ තිස් දහසක පමණ වැඩිවීමක් වසරකදී පෙන්නුම් කරන බවද කීවාය . රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය මෙම පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයන් සනාථ කර ඇතැයිද මෙය බරපතළ තත්වයක් යැයිද ඇය පැවසුවාය . සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දී ය.

“පවුල් 800කට විතර ගොවිතැන් කරන්නට ඉඩම් නෑ කියලා කිව්වා. ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවා කඩිනමින් ලබාදෙන්න තමයි ජනාධිපතිවරයා වශයෙන් මේ පැත්තට එන්නේ. දැන් මම මේ ඉඩම් ලබා දෙන්න කිව්වොත් හෙට ඉඳලා ගහයි මම කැළෑ කපන්න කිව්වා කියලා. සමහර වෙලාවට වනරක්ෂණයේ ඉන්න නිලධාරීන්ට පවා මේවා තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ වනරක්ෂණ වැඩ විතරයි. අනෙක් පැත්ත බලන්නේ නෑ. අපි වගේ එක්කෙනෙක් ආවාම මාධ්‍යත් පහර ගහනවා හෝ ගාලා.”

“අපිට කිව්වේ ඔන්න සුදු වෑන් එනවා, කිඹුල්ලුන්ට කන්න දෙනවා, මිනිස්සු උස්සන් ගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා.. දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා. පරිසරය අල්ල ගන්නවා. වැරදි වැඩ කරනකොට අපි අල්ලනවා.”

“මම කටු පොල් වගාව තහනම් කළා. විශාල විරෝධයක් තිබුණා පරිසරය, ජල මූලාශ්‍ර හිඳිලා කියලා. අපේ පොල් තෙල් තමයි හොඳ. පහුගිය කාලවල්වල අපේ පොල්ගසුත් කැපුවා. අපිට පිටරටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා. එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා හරි ප්‍රමිතියක් තියෙනවා ද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා. ඒවා ඇල්ලුවාම රජයට බනිනවා වස විස තියෙන පොල් තෙල් ගේනවා කියලා.”

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරන්න එක හේතුවක් වුණේ එතනෝල්. දැන් අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. හැබැයි හොරෙන් ගේනවා. ඒවා අල්ලන්න ඕනේ. කුඩු හොරෙන් ගේනවා. කුඩු අල්ලනකොට කියනවා ඔන්න දැන් කුඩු එනවලු.”

“රජයේ අනෙක් ප්‍රතිපත්තිය තමයි දූෂණය නවත්වන එක. අපේම ජනතාවනේ මේවා කරන්නේ. ඒ අය අතර ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ.”

“දැන් වියත්මගටත් බයිනවා. වෘත්තිකයන්ටත් බයිනවා. ඒ අයට වැඩ කරන්න බෑ. ජනතාව සහ නිලධාරීන් එක්ක වැඩ කරන්න දන්නෑ කියලා විශාල චෝදනා. දැන් මම තීරණය කළා ඒ අය ක්‍රමයෙන් මාරු කරන්න. මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් හොඳ නිලධාරියෙක් ඇයි මේ මාරු කරන්නේ කියලා. හැබැයි ඉන්නකම් බයිනවා.”

“මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ බොරු මත ගෙනියනවා. මම හැම තිස්සෙම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැදගත්. මාව මේ තැනට ගෙනාපු මතවාදය, ඒ බලවේගය. ඒක තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේවට විරුද්ධව තමයි බොරු ප්‍රචාර ගෙනියන්නේ. මම ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තමයි මම කරගෙන යන්නේ.”

“කොවිඩ් නිසා විශාල රටවල් වැහෙනවා. අපේ රට අපි අරගෙන යන්න හදනවා. අපි පිටරටින් ගෙනෙන ඒවා පාලනය කළාම බඩු මිල ඉහළ යනවා. හැබැයි දේශීයව වගා කරනකොට ඒ ආදායම යන්නේ ගොවියා වෙත. ඒ වගේම අපි පාරිභෝගිකයා ගැනක් කල්පනා කරන්න ඕනේ.”

“මේ ප්‍රශ්න කතා කරන එකටත් සමහර අය මට බනිනවා. මටත් පුළුවන් කොළඹ වාඩිවෙලා ඉඳලා.. නමුත් මම කැමතියි ජනතාව ළඟට ඇවිල්ලා, එන මග ඉන්න අයටත් මම කතා කරනවා. ඉන් අවස්ථාව ලැබෙනවා මේ ප්‍රශ්නවලට කෙලින්ම පිළිතුරු දෙන්න. යනුවෙන් ජනාධිපතිවරයා සදහන් කර සිටියේ “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනේදීය.

ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය.

උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහන මෙය වෙයි.

(03) පෙරවරු 10.00 ට ආරම්භ වූ වැඩසටහන සඳහා වව්නියාව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයින්, අමාත්‍යංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් ද සහභාගී විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *