ආණ්ඩුව ජනවරමට පිටුපාලා, අපි කිහිපදෙනා නොහිටින්න සමහරු තාමත් ජනේලේ එල්ලිලා – උදය ගම්මන්පිල

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව 69 ලක්ෂයක් ජනතාව විසින් ලබාදුන් ජනවරමට පිටුපා කටයුතු කරමින් සිටින බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

“මිනිස්සු අහනව ආණ්ඩුව ඇතුලේ කචල් නේද කියලා. ඔව් ආණ්ඩුව ඇතුලේ කචල් තමයි. මේ ආණ්ඩුව පිහිටුවන්න මූලිකත්වය අරගෙන කටයුතු කරපු අපි කිහිප දෙනාට මේ සිදුවෙන වැරදි ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. අපි කිහිපදෙනා නොහිටින්න සමහරු තාමත් ජනේලේ එල්ලිලා.” උදය ගම්මන්පිල වැඩිදුරටත් පවසයි.

පසුගියදා පැවති උත්සවයකදී අදහස් දැක්වූ ගම්මන්පිල ඇමතිවරයා ජනවරමට අනුව කටයුතු කරන ආණ්ඩුවක් නම් 20 වෙනි සංශෝධනය කිසිසේත් සම්මත කරගන්නේ නැති බවද වරාය විකිණිමට හිනෙකින්වත් හිතන්නේ නැති බවද පවසයි.

කෙසේ වෙතත් 20 වෙනි සංශෝධදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේදි සහ වරාය නැගෙනහිර ජැටිය අදානි සමාගමට විකිණීමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ අවස්ථාවේදි ඇමති උදය ගම්මන්පිල සිය දැතම ඔසවා ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *