ආණ්ඩුව ඡන්ද කාලේ වරාය ගැන බොරුවට කෑගහලා දැන් එතන හිරවුණාට මං මොනවා කරන්නද ? – රනිල්

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේදී දේශපාලන ආයුධයක් වශයෙන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ සිදුවීම භාවිතා කිරීම නිසා අද ඔවුන් එහි සිරවී ඇති බවත් එය පසුගිය රජයේ ප්‍රශ්නයක් නොවන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අපට වරාය දියුණු කරන වැඩසටහනක් තිබුණා. මේකෙදි අපි ජපානයයි ඉන්දියාවයි එක්ක ඒකාබද්ධ ගිවිසුමක් අනුව ක්‍රියා කළේ. අදානි සමාගම තමයි දාන්නේ කියලා අපට නම්කරලා තිබුණෙ නෑ. අදානි තමයි ඉන්දියාවෙ ලොකුම එක. ඔවුන් තමයි කේරළ වරායත් කරන්නෙ.

ඉතිං අපි කොන්දේසියක් දැම්මා ජපානෙ සමාගම නැත්නම් ඉන්දියාවෙ සමාගම ඉන්දියාවෙ වරායක් ගෙනියනවා නම් අපිට කොළඹ වරායටත් එක සමාන සැලකිල්ල දෙන්න ඕනෙ කියලා. එච්චරයි ඉල්ලුවෙ. කතා කර කර ඉද්දි මේ ඡන්දයක් ආව නිසා අපි කිව්වා ඉතුරු ටික ඕගොල්ලො අලුත් ආණ්ඩුවට කතා කරලා තවත් ඔය කොන්දේසි මාරු කරන්න ඕනෙ නම් කරන්න කියලා.

මෙතන ගිහින් හිරවෙලා … මේක විකුණනවා කියලා … මේක කරනවා කියලා … ඉතිං මං මොනවා කරන්නද ? ඕක වුණේ අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. දේශපාලනයෙන් ඡන්ද ගන්න ගිහිල්ලා අපි මේක විකුණනවා කියලා බොරුවට කෑගැහුවා. දැන් ආපහු කියන්න බෑ විකුණන්නෙ නෑ කියලා. ඉතිං ඒගොල්ලො එතෙන්ට හිරවුණා නම් මං මොනවා කරන්නද ?” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ (31) නුගේගොඩ ප්‍රදේශයේ පැවති සංවාදශීලී දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *