නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සැර ප්‍රතිචාරයක්

නැගෙනහිර ජැටිය ගැන රජය ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සැර ප්‍රතිචාරයක්

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ තබා ගන්නා බවට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නැගෙනහිර බහලුම් පර්යන්තය සම්බන්ධයෙන් 2019 වසරේදී එළැඹුණු ත්‍රෛපාර්ශවික ගිවිසුමට අනුව ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

නැගෙනහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය, ජපාන සහ ශ්‍රී ලංකා රජයයන් අතර 2019 මැයි මාසයේදී අත්සන් කරන ලද ත්‍රෛපාර්ශ්වික සහයෝගීතා ගිවිසුම (MOC) කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ අපේක්ෂාව නැවත අවධාරණය කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කැපවන බවට මෑත අවස්ථා කිහිපයකදී ම ශ්‍රී ලංකාවේ නායකයා ඇතුළු රජය දැනුම් දුන් බව ද එම නිවේදනය මගින් සිහිපත් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය විදේශීය ආයෝජකයින් සමග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද මීට මාස තුනකට පෙර තීරණයක් ගෙන තිබුණු බව ද එහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් සෑම පාර්ශවයක් ම දැනට පවතින අවබෝධය සහ කැපවීම ඉදිරියට ද පවත්වා ගත යුතු බව ද අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *