”අදානිට විරුද්ධව ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ නඩු තියෙනවා; ඒ සමාගම තමයි අපේ රට පාවඩ දාලා පිළිගන්න හදන්නේ”- නලින්ද ජයතිස්ස

(video) නව වෛරස් ප්‍රභේදය ගැන කළින් දැන සිටියා නම් ජනතාව දැනුවත් නොකළේ ඇයි? - වෛද්‍ය නලින්ද ජයතිස්ස

(video) නව වෛරස් ප්‍රභේදය ගැන කළින් දැන සිටියා නම් ජනතාව දැනුවත් නොකළේ ඇයි? - වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක අධිකරණවල අදානි සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතිද්දී එවන් සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ (31) ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ගිනිගත්හේන සමුපකාර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

“අදානි කියන්නේ ඉන්දියාවේ ගොවි ජනතාව පාරට බැහැල ඒ රටෙන් එළවන්න උත්සහ කරන සමාගමක්. නඩු ගොඩයි. ඉන්දියන් රුපියල් කොටි 97ක් වංචා කළ බවට අදානි ගැන ඉන්දියානු රහස් බියුරෝ එක පරීක්ෂණ කරනවා. ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව වංචා කළා කියල නඩු තියනවා අදානි සමාගමට විරුද්ධව. ඒ වගේ සමාගමක් තමයි අපේ රට පාවඩ දාලා පිළිගන්න හදන්නේ.

වරාය ඇමති හැටියට රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් පසුගිය ඔක්තෝබර් 22 ඉදිරිපත් කරනවා. ඒක බැලුවනම් හිතාගන්න පුළුවන්වෙයි ඔවුන් මේ රටේ ජනතාවගේ නියෝජිතයො ද, අදානිගේ නියෝජිතයො ද කියල. අදානිට වඩා හොඳට අදානි ගැන ලියල තියෙනවා. අදානිලා ගැන සහතික දීල තියෙනවා,” යැයි නලින්ද ජයතිස්ස මහතා එහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ නැගෙනහිර පර්යන්තය ලබා නොදෙන බවට රජය ප්‍රකාශ කර බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමට ලබාදීමේ සූදානමක් ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *