ජනපතිගේ තීරණ වලට විරුද්ධ උනොත් විනාශයක් සිද්ධ වේවි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු 05ක්

හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු 05ක්

ජනාධිපතිවරයා සහ රජය තීන්දුවක් ගන්නේ නම් ඕනෑම ඇමතිවරයකු ඒ තීන්දුවත් සමග එකට සිටගත යුතු බවත් එසේ නොකර වෙනත් අරමුණු පසුපස හඹායෑමට උත්සාහ කිරීමෙන් මහා විනාශයක් සිදුවිය හැකි බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“අතිගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නවා නම් රජය තීන්දුවක් ගන්නවා නම් ඕනෙ ඇමතිවරයෙක් ඒ රජයේ තීන්දුවත් එක්ක හිටගන්න ඕනේ. එහෙම නැතුව සරුංගල් මවලා සරුංගල් පස්සේ යන්න ගියොත් මහ විශාල විනාශයක් වෙන්නේ. විපක්ෂයත් සරුංගල් එවනවානෙ.

ජයග්‍රහණය කළේ, ජනාධිපතිතුමාව ජනාධිපති කෙරෙව්වේ මේ රටේ, අගමැතිතුමාව අගමැති කෙරෙව්වේ, ආණ්ඩුවක් පිහිටෙව්වේ නිවැරදි තීන්දු ගත්තාම ඒ නිවැරදි තීන්දුත් එක්ක හිටගන්න.

ඒ මහා සංඝරත්නය අදටත් නායකත්වය අරගෙන ජනාධිපතිතුමාව සහ අපිව දැනුවත් කිරීම කිසිම වරදක් හැටියට මම දකින්නෙ නෑ. හැබැයි සමහර තැන්වල මහා සංඝරත්නයත් සමහර අය උසිගන්වනවා. ඒකෙන් අපි පරෙස්සම් වෙන්න ඕනේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

-LNW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *