මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්! ජවිපෙ – එජාප ඇතුළු විපක්ෂයේ බලවේගයක්

මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්! ජවිපෙ - එජාප ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක්

මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්! ජවිපෙ - එජාප ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක්

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්වූ නවීන් දිසානායක මහතා පවසයි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කරගෙන ජනාධිපති පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතු යැයිද ඒ මහතා පෙන්වා දෙයි.

නවීන් දිසානායක මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ඉටු නොවීම හේතුවෙන් තමන් පක්ෂ ජාතික සංවිධායක තනතුර භාර නොගත් බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස පත් කෙරුණු අර්ජුන රණතුංග මහතා සමග (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නවීන් දිසානායක මහතා “මම තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මාව පත්කරත් මම එය භාර ගත්තේ නෑ. පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම තමයි එයට හේතුව,” යනුවෙන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *